ආදරෙයි නම් දෙන්න එපා

March 19, 2025 - Articles
ආදරෙයි නම් දෙන්න එපා

කවුරුහරි ඇහුවොත් ඔයාගෙන් ” chocolate කමුද” කියලා ” හා හා කමු” කියන්න ඔයා නම් දෙපාරක් හිතන්නේ නැහැ නේද…හැබැයි කොච්චට රස වුණත් chcolates ඔයාගේ සුරතලාට දෙන්න නම් හිතන්නවත් එපා!

මං මෙහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. අහන්නකෝ…
Chocolates වල තියෙන තියෝබ්‍රොමින් හා කැෆේන් වලින් හෘද ස්පන්දන වේගය වැඩි කරනවා වගේම රුධිර පීඩනය, කලබල වීම, වෙව්ලීම, වලිප්පුව කියන දේවල් ඇති කරන්න හේවතුවක් වෙනවා. බල්ලන් අපිට වඩා වෙනස් විදිහට තියෝබ්‍රොමින් හා කැෆේන් පරිවෘත්තීය කරන නිසා chocolates වලට එයාලාගේ ශරීරය ගොඩාක් sensitive වෙනවා. ඔයාගේ සුරතලාට chocolates කොච්චර විෂද කියලා ඔයා ඇහුවොත්…ඇත්තටම ඒක chocolate වර්ගය එක්ක වෙනස් වෙනවා. හැබැයි dark chocolates නම් ගොඩාක් භයානකයි.

ඉතිං chocolates එක්ක තියෝබ්‍රොමින් ශරීර ගත වන මාත්‍රාවත් එක්ක ඔයාගේ සුරතලාගේත් symptoms මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. වමනය, පාචනය, පිපාසය වැඩි වීම, හුස්ම හිර වීම, කලබල ගතිය, අධිකව මුත්‍රා කිරීම වගේම හෘද ස්පන්දන වේගය වැඩි වීම.
සමහර වෙලාවට තියෝබ්‍රොමින් මාත්‍රාව විෂ නොවූණත්, චොකලට් වල තියෙන මේදය සහ සීනි නිසා ඔයා නොහිතන විදිහට එයා අසනීප වෙන්න වුණත් පුළුවන්.

ඉතිං අමතක කරන්නෙපා…
හැමදාම උදේට ඔයාව ඇහැරවන්න, කොහේහරි ගිහින් ගෙදරට එද්දි ඔයාගේ ඇඟේ දැවටි දැවටි හුරතල්

වෙන්න, හිත රිදෙන තැන් වලදි ඔයාගේ ළඟින්ම ඉන්න එයා තාමත් ආසයි. මේ තරම් විෂක් ගේන chocolates වලින් එයාව ඈත් කරලා ඔයාගේ ආදරණීය සුරතලාව ආදරෙන් බලගන්න…ඉතිං..” ඔයත් එක්ක ඉන්න, එයාට තව කල් දෙන්න! “🥺🐶

– By Vindy –

Tagged as:  / 

Play Cover Track Title
Track Authors