IIFA Awards එහෙම නැත්නම් අපි කවුරුත් දන්න International Indian Film Academy Awards Ceremony එක මාර්තු 8-9 දවස් වල ඉන්දියාවේ Jaipur Exhibition & Convention Centre එකේ පැවැත්වුණා. එතනදි මෙන්න මෙහෙම ලස්සන Story එකක් ඇහුණා.
“අපි හැමෝටම තමන්ගෙම journey එකක් තියනවා. ඒකෙ අපි යන්න ඕන අපේ විදිහට. මම star family එකකින් Bollywood වලට ආවනම්, ඒත් මට ලේසි වෙන එකක් නෑ! මොකද එතකොට මාව fans ලා සිනමාවට එන්න කලින්ම දන්න නිසා. මට මෙහෙම පුලුවන් වුණා මම කවුද කියලා ලෝකෙට පෙන්නන්න..”
ඒ “පරම සුන්දරි” නැත්නම් Kriti Sanon. 2021 දී Bollywood හොල්ලපු Mimi නිසා Kriti අද IIFA Award හිමිකාරියක්! වචන වලින් විතරක් නෙමෙයි, kriti කියන්නෙ තමන්ගේ acting වලින්, එතනින් එහා behavior එකෙන් පවා ඒ වචන ඔප්පු කරපු star කෙනෙක්.
එක තැනක තැනක Kriti තමන්ගේ Parents ලා ගැන මෙහෙම කියනවා, “මට එයාලගෙන් ලැබුණු ලොකුම gift එක තමයි open mind එක. මම වෘත්තියෙන් engineer කෙනෙක්. ඒත් මට ඕන වුණා act කරන්න. මගේ දෙමව්පියෝ මාව motivate කළා. මම තනියෙන් එද්දි මගෙ තාත්තත් මං එක්ක මුම්බායි ආවා. අපි middle class මිනිස්සු තමයි, ඒත් අපි open minded..”
තමන්ගේ හීන පස්සේ එළවන්න අපේ සමහරු බයයි, ඒත් ලෝකෙට එබෙන්න, එබිලා star කෙනෙක් වෙන්න Kriti වගේ වෙන්නම ඕනේ..
“මම lucky Bollywood වල වැඩ ලැබෙන්න තරම්. Film එකක් හොයාගන්නත් කට්ට කන මිනිස්සු ඕන තරම් මේ field එකේ ඉන්නවා. ඒ නිසයි මම දෛවය විශ්වාස කරන්නෙ. මොකද මට ඕන තැන ලැබුණා.”
ඒ luck එකට එකතු වුණ එයාගේ acting skills වගේම කැපවීම Kriti ව අද මෙතැනට ගෙනාවා.
2014 දි 1: Nenokkadine movie එකෙන් තෙලුඟු සිනෙමාවෙන් රංගනයට ආව Kriti, අවුරුදු 10 කට පස්සේ ආව ගමන හැරිලා බැලුවොත් අද Bollywood වල Number 01 Actress කෙනෙක්!
පළවෙනි IIFA Digital Awards රාත්‍රියේ වසරේ නිළියක් OTT චිත්‍රපටයක කළ ප්‍රශස්තම රංගනය වෙනුවෙන් ලැබෙන පළවෙනි Award එක Kriti ගේ පළවෙනි නිෂ්පාදනය වුණු Do Patti වෙනුවෙන් Kriti ට ලැබුණා. Do Patti පුරාවට double acting චරිත නීරූපණයක් එක්ක කරපු අපූරු රඟපෑමට මේ award එක ලැබෙන්නම ඕනේ!
Kriti number 01 කියලා කවුරුවත් කියන එකක් නැහැ. ඒත් එයා කියපු කතාවක මෙහෙම තිබුණා. “මාලු ගොඩක් ඉන්න මුහුදක ඔයා දියකිඳුරියක් වෙන්න..” මුරණ්ඩු රැළි අතරින් මෙහෙම ලස්සනට පීනන්නේ ඒ හරි ලස්සන දියකිඳුරිම තමයි!”
– By Maleesha
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|