ගහෙන් වැටුණු මිනිහට ගොනා උඩ පැන පැන ඇන්නම

March 19, 2025 - Articles
ගහෙන් වැටුණු මිනිහට ගොනා උඩ පැන පැන ඇන්නම

The matrix කියන්නේ awards සෑහෙන ප්‍රමාණයක් win කරපු, කවුරුත් ආස කරන movie series එකක්!
මේකෙ Main character එක විදිහට act කළේ අපි කවුරුත් දන්න Keanu Reeves. Movie එකෙන් ලැබුණ මුදලින්, 90%ක් ඒ movie එකේම crew එක වෙනුවෙන් වෙන් කරලා, ඒ හැමෝටම bike එක ගානෙත් අරන් දීපු අමුතුම personality එකක් තමයි Reeves කියන්නේ.

Personality එක වගේම මෙයාගේ life story එකත් ටිකක් අමුතුයි. Reeves ට අවුරුදු තුනේදී එයාගේ අම්මයි තාත්තයි වෙන් වෙනවා. හරි ඒක normal කියමුකෝ. පස්සේ කාලෙක හොඳම යාළුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිතෙන් සමුගන්නවා. Reeves marry කරන්නේ Jennifer Syme කියලා American actress කෙනෙක්ව. හැබැයි එයාලට ලැබුණ දරුවත් ඉපදෙනකොටම මේ ලෝකේ දාලා ගිහින්.
මේ සිද්ධියෙන් සති ගාණකින් පස්සේ Reeves ගේ wife Car Accident එකකින් මිය යනවා.

හැබැයි කොච්චර අවස්ථා තිබුණත් wife ගේ මරණයෙන් පස්සේ අද වෙනකන් කිසිම love affair එකක් ඇති කරගෙන නැහැ.

Reeves කියන්නේ Sports වලට ආස කරපු කෙනෙක්. හැබැයි Sports නිසාම මෙයාට Accident එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ Accident එක නිසා තව දුරටත් Sports පැත්තෙන් ඉදිරියට යන්න බැරි වෙනවා. Studies පැත්තෙන් reeves ට තිබුණා උපතින්ම ආව “ඩිස්ලෙක්සියා” කියලා අපහසුතාවයක්.

අදටත් මෙයා act කරන Films වලින් ලැබෙන ආදායමෙන් 75%ක් Film එකේ වැඩ කරන Technical Supporters ට දෙනවා. එතනින් භාගයක් අනාත නිවාසවල් වලටත් දෙනවා. මිලියනපතියෙක් වුණත් ළඟදි තමයි (ගිය අවුරුද්දේ) තමන්ගේම කියලා ගෙයක් ගත්තේ. එතකල් මෙයා හිටියේ කුලියට. ඒ විතරක් නෙවෙයි, Reeves තාමත් ගමන් බිමන් යන්නේ Metro එකෙන්! Hobby එක විදිහට කරන්නේ පාරේ ඉන්න beggars ලා එක්ක පැයක් විතර ඉදගෙන ඕප දූප කතා කරන එක.

නිකමට හිතන්නමේ වගේ දේවල් ඔයාගේ life එකේ සිද්ධ වුණා නම්!

– By Maleesha –

Tagged as:

Play Cover Track Title
Track Authors