“ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිතුණ, ජීවත් වුණා ඇති කියලා හිතුණ වෙලාවක කියවන්න මේ story එක save කරලා තියාගන්න!
1972 ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා ඩොක්ටර්ලාගේ පැය 73 ක මහන්සියෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ වෙනකොට දරුවාගේ අම්මා වයස අවුරුදු 17 ක lady කෙනෙක්. Marshall Bruce Mathers තමයි මේ බබාගේ නම. හැබැයි දරුවට තියෙන අකමැත්ත නිසා තාත්තා අම්මව දාලා යනවා. ඉතින් අම්මා Gambling, drugs වලට addict වෙනවා. ඒ නිසා එයාගේ ආදරේ ලැබෙන්නෙත් නැහැ. Studies වලට weak නිසා grade 9 වලම අවුරුදු 3 ක් එකදිගට ඉන්න වෙනවා. සුදු ජාතිකයෙක් නිසා, family background නිසා school එකේදිත් කොන්වෙන්න වෙනවා.
මෙයා marry කරන්නේ මෙයාගේ school love එක. 1995 දෙසැම්බර් මාසෙ 25 මේ දෙන්නට දුවෙක් ලැබෙනවා. (Hailie Jade Mathers) දවසක් Marshall දකිනවා එයාගෙ wife වෙනත් කෙනෙක් එක්ක close කතා කර කර ඉන්නවා. කේන්තියත් එක්ක Marshall ඒ කෙනාට gun එකක් දික් කළත්, වෙඩි තියන්නෙ නෑ. ඒත් තමන්ගෙ wife ගෙන්ම එයාට පහර දීමේ චෝදනාවක් යටතේ නඩුවක් වැටෙනවා. නඩුවෙන් පරාද වෙලා හිරේ යන්න වෙනවා. වන්දි ගෙවලා නිදහස් වෙලා කරන්නේ wife ව divorce කරන එක. තමන්ගෙ දුව meet වෙන එක Marshall ට court එකෙන් තහනම් කරනවා. ඒ නිසාම depressed වෙනවා.
මේ අතරේ Hip hop industry එකේ Marshall ගේ album ගොඩාක් හොඳට විකිණෙනවා. එහෙම වෙන්නෙම එයාගේ feelings, thoughts ඔක්කොම එයාගේ සින්දු බවට පත් කරන නිසයි. ඒත් wife ගේ වෙන්වීම, specially තමන්ගේ දුවව තමන්ගෙන් වෙන් කරවීම නිසා මෙයාට ගොඩාක් hurt වෙනවා. ඒ නිසාම drug addicted කෙනෙක් වෙනවා. Overdose වෙලා සතියක් එකදිගට නිදි නැතුව හිටපු නිසා දවසක් යාලුවන්ට මෙයා room එකේ වැටිලා ඉඳලා හම්බවෙනවා. එතකොට මෙයා ඉන්නේ Critical situation එකක. Doctors ලාගේ පැය 9ක කැපවීමෙන් Marshall ට ජීවිතය ලැබුණත් doctors ලා කියනවා තව පැය දෙකක් late වුණා නම් maybe ජීවිතය නැතිවෙනවා කියලා. සිහිය එනකොට කකුල් දෙකට පණ නෑ. මාසයක treatment වලින් පස්සේ ok වෙලා මෙයා කිව්වේ තමන් drugs use කළත් suicide කරගන්න උවමනාවක් තිබුනෙ නෑ කියලා.
සතියක් එකදිගට නිදාගන්නේ නැතුව drugs අරන් තිබුණේ සින්දු ලියන්න. හොඳවෙලා ලියපු සින්දු ඔක්කොගෙන්ම album එකක් release කරනවා. ලෝකය පුරා record තියලා හිතාගන්න බැරි වේගයෙන් album එක විකිණෙන්නේ ලෝකයේ වේගයෙන්ම විකුණුනු hip hop album එක බවට පත් වෙමින්. මෙයා ආපහු divorce කරපු wife ව marry කරනවා. ඒ වෙනකොට එයාට වෙන දුවෙකුත් ඉන්නවා. හැබැයි මේ lady ආපහු මෙයාව divorce කරනවා. ඉතින් ආපහු මෙයා තනිවෙනවා. ඒත් මේ පාර Marshall drugs වලට යොමු වෙන්නේ නෑ. මේ අතරේ තමන්ට hip hop වලට එන්න මගපෙන්වපු හොඳම යාලුවා අවාසනාවන්ත විදිහට මේ ලෝකේ දාලා යනවා. මෙයාගේ album වල පොඩිකාලෙදි අම්මගෙන් වුණ හිරිහැර ගැන songs තියෙනවා. ඒවා දැක්ක අම්මා මෙයාට විරුද්ධව නඩු දානවා. ඒ නඩුවෙනුත් පැරදිලා ඩොලර් 1000කට වැඩි ගාණක් වන්දි විදිහට ගෙවන්න වෙනවා. තාත්තා, අම්මා, wife, දරුවා වගේම තමන්ගේ best friend නැතිව ජීවත් වුණත් ආපහු drugs වලට addict වෙන්නේ නෑ.
ඒ වෙනුවට මෙයා music industry එකේ ප්‍රධාන ඇල්බම නිකුත් නොකර යම් කාලයක් ගත කරනවා. ලෝකෙ පුරා world tour තියන්න පුලුවන්කම තියෙද්දිත් මෙයා වසර කිහිපයක් යනතුරු ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත්, මේ කාලය තුළ මෙයා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව ඉන්නේ නෑ.. ඊට පස්සෙ ආපහු album එකක් release කරනවා. ඔන්න ආයෙත් record තියන ගමන් album එක ලෝකේ පුරා වේගෙන් විකිණෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි Eminem!
අද වෙනකොට awards 570ක හිමිකාරයෙක්. Oscar සම්මානයක හිමිකාරයෙක්. Album 19ක producer කෙනෙක්. 90 දශකයේ ඉඳන් අද වෙනකන් hip hop කලාවේ legend කෙනෙක්. ඉතින් ඔයාට මීට වඩා දේවල් වෙලා තියෙනවද? 🫡
By : Maleesha