World hit එකක් වුණු movie එකක් බලන්න ticket ගන්න අතේ සල්ලි නොතිබුණු පුංචි මනුස්සයෙක්, පස්සේ කාලෙක ඒ movies series එකේම movie එකක main character එකකට පෙනී ඉන්න තරම් තමන්ගේ දෛවය වෙනස් කරගත්තා. ඒ තමයි Irrfan Khan !
Khan සිනමාවට එන්නේ සලාම් බොම්බේ (1988) කියන හින්දි movie එකෙන්. මේ movie එකේ බොහොම සුළු චරිතෙකට තමයි පෙනී හිටින්න මෙයාට chance එක ලැබෙන්නේ. හැබැයි මේකෙන් පස්සෙත් සෑහෙන කාලයක් යනකන් Khan ට කිසිම movie එකකට ආරාධනා ලැබුණේ නෑ. උත්සහය අතහරින්න කිසිම මොහොතක සූදානම් නොවුණු Khan, තවත් movies කීපයක සුළු චරිතයක් හරි හොයාගන්න try කළා. මෙයාගේ උත්සහයේ ප්‍රතිඵලයක් විදිහට 2001 අවුරුද්දෙදී British movie එකක් වුණු “The worrier” movie එකේ act කරන්න Khan අවස්ථාව උදා කරගන්නවා. තමන්ගේ red carpet එක තමන්ම එලා ගත්ත Khan, මේ විදිහට සාර්ථකත්වයේ ගමන පටන් ගත්තා.
The amazing spider man, Life of pi, Inferno, Slumdog Millionaire, New York, Haider, Gunday කියන්නේ Khan ගේ සිනමා ගමන ඉදිරියටම ගෙනාව movies වලින් කීපයක් විතරයි. 2018, 2021 වසර වලදී Fimefare සම්මාන දිනාගන්න තරම් Khan තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. 2017 වෙනකොට Khan ගේ චිත්‍රපට ලෝකේ පුරා box office ඩොලර් බිලියන 3.643 ක ආදායමක් උපයලා තිබුණා.
2018 මාර්තු මාසයේදී Khan ට පිළිකාවක් වැළඳිලා තියෙනවා කියලා හඳුනගන්නවා. 2020 අප්‍රේල් 29 වෙනකොට, අපේ කතාවේ කතා නායකයා අවාසනාවන්ත විදිහට ඉක්මනින්ම මේ ලෝකේ දාලා යනවා. ඒ වෙනකොට වගේම Khan ගේ සමුගැනීමෙන් පස්සෙත්, Khan ගේ විශිෂ්ට රංගන කුසලතා වලට ගෞරව සම්මාන ගොඩක් ලැබෙනවා.
ආයෙත් මුලට ගියොත්, මේ හැමෙදේම තමන්ගේ උත්සහයෙන් ළඟා කරගත්ත Khan ට, movie ticket එකක් ගන්න අතේ සල්ලි තිබුණේ නෑ !
– By Maleesha-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|