පුදුම වේගයකින් update වෙන Whatsapp

March 18, 2025 - Articles
පුදුම වේගයකින් update වෙන Whatsapp

පුදුම වේගෙකින් update වෙන WhatsApp !

මෑතදී WhatsApp එයාලගේ අලුත් features ගොඩාක් හඳුන්වලා දුන්නා.status update වලට like කරන්න පුලුවන් කියලා ඔයා දැනටමත් දන්නවා ඇතිනේ.

අනිත් එක තමා private mention කිරීමේ හැකියාව !

Status වලට like කරන්න පුලුවන් update එක ගැන කතා කලොත්, ඔයාට පුලුවන් caption bar එක එහාපැත්තේ තියෙන heart icon එක click කරලා status එකට like කරන්න. හැබැයි මේ like එක පෙන්නන්නේ status එක දාපු කෙනාට විතරයි.ඒ වගේම මේ reaction එක notification එකක් හරහා ඔයාට පෙන්නන විදිහට තමයි මේක update කරලා තියෙන්නේ.ඉතින් මේ විදිහට ඔයාගේ status එකට react කරන අයව viewer list එකේ උඩින්ම ඔයාට බලාගන්න පුලුවන්.

Private mention කරන්න පුලුවන් update එක ගැන කතා කලොත් මේක හරියට Instagram story එකකට mention කරන එක වගේම තමයි.වෙනසකට තියෙන්නේ එහෙම mention කලා කියලා දන්නේ ඒ mention වුණු කෙනා විතරයි.ඕනේ නම් ඒ කෙනාට පුලුවන් තමන් mention වුණ ඒ status එක ආපහු share කරන්න.

ඉතින් ඔයාට මොකද හිතෙන්නේ??
තව ටික කාලයක් යනකොට WhatsApp එකත් Instagram, facebook වගේම වෙයිද 🙄

– By Maleesha –

Tagged as:

Play Cover Track Title
Track Authors