ඔයාලා දන්නවනේ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ‘X’ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක එයාගෙනේ. එයා මේ ‘X’ එක එයාගේම කෘතිම බුද්ධි සමාගමක් වෙන ‘xAI’ එකට විකුණලා තියෙනවා!

මේක මාර්තු 28 වෙනිදා එයාගේ ‘X’ එකවුන්ට් එකේම දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙච්ච වැඩක්.

‘xAI’ සමාගම මේ ‘X’ එක ගන්න ඩොලර් බිලියන 45ක් ගෙවනවාලු. ඒක ලොකු ගාණක්.

මේ ‘X’ එක විකුණලා එලොන් මස්ක්ට ලැබෙන සල්ලි ප්‍රමාණය, එයා කලින් ‘Twitter’ එක ගන්න ගෙවපු ගාණට වඩා වැඩියි කියලා තමයි Foriegn media channels වල, Internet එකේ තියෙන්නේ.

 එයා ‘Twitter’ එක ගත්තේ ඩොලර් බිලියන 44කට. බිලියන 44යි, බිලියන 45යි අතර බිලියනේක වෙනසක්නේ තියෙන්නේ .. ඕක මොකද්ද එලෝන් මස්ක්ට 😏

තාම මේ ගැන ලොකු විස්තරයක් නම් එළියට ඇවිත් නැහැ. ඒත් මේකෙන් පේනවා එලොන් මස්ක්ගේ අනාගත බලාපොරොත්තු කොයි වගේද කියලා. සමහරවිට මේක Ai එක්ක Social Media එකට එකතු කරලා අලුත් දෙයක් කරන්න කරන Try එකක් වෙන්නත් පුළුවන්.!

By : Ihara