$ මිලියන 100 ක පාඩුවක්

March 15, 2025 - Articles
$ මිලියන 100 ක පාඩුවක්

ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා.

ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන Meta එක හරියට මොකුත් කිව්වේ නෑ. ඇඟ බේරගන්න උත්තරයක් දුන්න Meta එක කිව්වේ මේක Technical Issue එකක් කියලා විතරයි. කොහොම වුනත් Meta එක ඇතුලෙන් ආපු සමහර ආරංචි කියලා තිබුණා ඇතුලේ System පවා Down වෙලා තිබුණා කියලා.

ඒක කොහොම වුණත් මේ සිද්ධිය ගැන X (Twitter) එකේ posts 80000 කට වැඩිය publish වෙලා තිබුණා. ඒ වගේම Elon Musk මේගැන අමුතු Post එකකුත් දාලා තිබණා X එකේ. “ඔබ මේ postඑ එක කියවනවා කියන්නේ අපේ Servers වැඩ කරනවා කියන එක.”

අපට මේ නිකන්ම Facebook down එකක් වුණාට Meta එකට නම් එහෙම වුණේ නෑ. Ads වලින් සල්ලි හොයන මේ Platform තුන down වීම නිසා Meta එකට අහිමි වුණ ආදායම $ මිලියන 100 ක් විතර. කොටස් වෙළඳපළ අගයද 1.5% කින් අඩු වුණා.

-By sas-

Tagged as:  / 

Play Cover Track Title
Track Authors