මොළයේ ඇතුලේ ප්ලාස්ටික්

March 17, 2025 - Articles
මොළයේ ඇතුලේ ප්ලාස්ටික්

USA වල නවතම අධ්‍යයනයකින් ප්‍රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව සොයාගෙන තිබෙනවා.මෙම අධ්‍යයනය ඉතා තැතිගන්වන සුළු කම්පන සහගත එකක් !

ප්ලාස්ටික් යනු විනාශ කල නොහැකි දෙයක් ලෙස බොහෝ දෙනෙක් සලකන නමුත් ප්ලාස්ටික් කුඩා අංශු වලට කැඩී යන බවත් සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් 5mm වඩා කුඩා බවත් විදෙස් මාධ්‍ය පවසනවා.ඇතැම් ඒවා පියවි ඇසට නොපෙනෙන තරම් කුඩායි.

පානීය ජලය සහ එදිනෙදා ආහාර ද්‍රව්‍ය බොහෝමයක් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව වාර්තා වී ඇති අතර මෙයින් අදහස් කරන්නේ මිනිසුන් නිරන්තරයෙන් ඒවාට නිරාවරණය වන බවයි.

නිව් මෙක්සිකෝවේ Albuquerque හි සාමාන්‍ය මරණ පරීක්ෂණ වලින් මිය ගිය පිරිමි සහ ගැහැණු සාම්පල 51 ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අධ්‍යයනයෙන් සොයා බලා තිබෙනවා.ඒ සඳහා අක්මාව වකුගඩු සහ මොළයෙන් සාම්පල ලබාගෙන ඇති බව සඳහන්.

පර්‍යේශකයින් මවිතයට පත් වූයේ අක්මාවේ සහ වකුගඩුවේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලට වඩා 30 ගුණයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් මොළයේ සාම්පල වලින් සොයා ගැනීමත් සමඟයි.

2016 සිට 2024 දක්වා කාලය තුළ මොළයේ සාම්පල වල ප්ලාස්ටික් ප්‍රමාණය 50%කින් පමණ වැඩි වී ඇති බව පර්‍යේශකයින් සොයාගෙන ඇති අතර මෙය පාරිසරික ප්ලාස්ටික් දූෂණය ඉහළ යාමත් මිනිසුන් වඩාත් එයට නැඹුරු වීම හරහා සිදු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම අධ්‍යයනයෙන් සොයාගත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බොහෝ දුරට පොලිඑතීන් වලින් සමන්විත වන අතර මෙය ලෝකයේ බහුලවම නිපදවන ප්ලාස්ටික් ද වන අතර බෝතල් මූඩි සහ ප්ලාස්ටික් බෑග් වැනි බොහෝ එදිනෙදා නිශ්පාදන සඳහා භාවිතා වන බව සඳහන්.

ඉතින්, මිනිස් මොළයේ තිබී ප්‍රථම වතාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගත් අවස්ථාව මෙයයි !

– by Maleesha –

Tagged as:

Play Cover Track Title
Track Authors