ලෝකේ දිනපු කැන්ගරු lady

March 27, 2025 - Articles
ලෝකේ දිනපු කැන්ගරු lady

මාස තුනක දරුගැබක් දරාගෙන USA 800m කාන්තා ඔලිම්පික් සුදුසුකමට තරග කරපු එයා තමයි ඇලිසියා මොන්ටානෝ (ALYSIA MONTANO) හිතන්නවත් පුළුවන් දෙයක්ද? සාමන්‍යයෙන් pregnant කාලේ තුන්වෙනි මාස කියන්නේ කාන්තාවකගේ body එකේ සෑහෙන්න අපහසුතා ඇතිවෙන කාලයක්. ඇලිසියා මේ විදිහට තරග වැදුනේ 2017 ජුනි 22 වෙනිදා USA 800m National championship එක වෙනුවෙන් Hornet Stadium එකේදී.

Special ම දේ තමයි මේ එයා දරුගැබක් දරාගෙන තරග කරපු පළවෙනි අවස්ථාව නොවෙන එක. 2014 දිත් ඇලිසියා මාස 06 ක් වුණ එයාගේ පළවෙනි දරුවා බඩෙත් තියාගෙන 800m National championship එකට තරග වැදුණා. ඉතින් ඒ වගේම මේ එක කැපකිරීමක් වත් අපතේ ගිය ඒවා නෙවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 800m කාන්තා ජාතික ශුරතාවය (National Championship – Women) ඉස්සරහින් ඇලිසියාගේ නම පස් වතාවක් සටහන් වෙලා තිබුණා. ඒ 2007 ඉඳන් 2015 වෙනකල්! International gold medal දෙකක්, silver medal තුනකට හිමිකම් කියන ඇලිසියා 2012 තිබුණු Olympic වලදී 800m කාන්තා ඉසව්වෙන් bronze medal එකට හිමිකම් කියනවා.

ඇලිසියා තරග කරන හැමවෙලාවකම ඉන්නේ කොණ්ඩේ මලක් රඳවගෙන. ඒ ඇයි කියලා reporter කෙනෙක් ඇහුවම එයා මෙහෙම හරි ලස්සන answer එකක් දීලා තිබුණා.

ඒ මලෙන් මම represent කරන්නෙ ස්ත්‍රීත්වය. ඒ මල රඳවගෙන ඉන්න කෙනා සකේතවත් කරන්නේ කාන්තාවකට තියෙන ශක්තිය. ඒ වගේම අද මම ඒකෙන් represent කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ එයාලට තියෙන ශක්තිය. මම හිතනවා ඒක මගේ වගකීමක්

By Maleesha

Tagged as:

Play Cover Track Title
Track Authors