ලෝකේ දුප්පත්ම ජනාධිපති…

March 20, 2025 - Articles
ලෝකේ දුප්පත්ම ජනාධිපති

නිකමට imagine කරලා බලන්නකෝ. මේ හිටපු රාජ්‍ය නායකයෙක්ගේ ගෙදරක්. වල් පැළෑටි වලින් වැහිලා ගිය මිදුලේ තමයි බීමට වතුර ගන්න ළිඳ තියෙන්නේ. Washing machine එක තියෙන්නේ ගෙදරින් එළියේ. Security එක විදිහට ඉන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුයි මැනුවෙලා කියලා කකුල් තුනේ බල්ලෙකුයි විතරයි.

ලෝකයේ ඉන්න politicians ලාගේ life style එක මොනවගේද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.. ඒත් උරුගුවේ වල එහෙම නෙවෙයි.

අවුරුදු ගාණකට කළින් උරුගුවේ රාජ්‍යයේ ජනාධිපති වෙලා හිටපු ජෝස් මුජිකාව තමයි තාමත් ලෝකයේ දුප්පත්ම ජනාධිපති විදිහට හඳුන්වන්නේ. උඩ කිවුවෙත් මෙයාගේ ගෙදර ගැන තමයි. එයා තමන්ගේ salary එකෙන් 90%කට වැඩි ප්‍රමාණයක් දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. නායකයින් වෙනුවෙන් දෙන luxury ගෙදරත් අතහැරලා දාලා මොන්ටෙවීඩියෝ නගරයෙන් පිටත අපිරිසිදු පාරකින් එහා තියෙන තමන්ගේ wifeගේ ගොවිපොළේ තමයි තවමත් මෙයා ජීවත් වෙන්නේ. Wife කරන්නේ මල් වගා කරන එක!

මුජිකාගේ තාත්තා 1943 දී නැතිවෙනකොට මුජිකාට වයස අවුරුදු අටයි. පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලන්න මෙයා කළේ ගෙදර පිටිපස්සේ තියන ඇළ අවටින් කඩාගත්ත ලිලී මල් විකුණපු එක. මුජිකා තරුණයෙක් වෙනකොට දේශපාලනඥයෙක් වන එන්රික් එරෝ වෙනුවෙන් වැඩ කළත් කියුබාවේදී චේගුවේරා මුණගැහුණට පස්සේ දේශපාලන ප්‍රතිපත්තිය සෑහෙන්න වෙනස් වුණා.

මුජිකා සත්‍යවාදී කථිකයෙක් විදිහට ජාත්‍යන්තර කීර්තියක් දිනාගත්ත නායකයෙක්. 2013 දී නිව්යෝක් නුවර තිබුණු United Nations Summit එකේදි මෙයා නියෝජිතයින්ට කිවුවේ කිසිම දෙයක් ලබා ගන්න බැරි නාස්තිකාර, මිල අධික Summit වලට යන එක නතර කරන්න කියලයි. මුජිකා 2012 තිබුණු The rio+20 Summit එකේදී ප්‍රේක්ෂකයන්ගෙන් මෙහෙම ඇහුවා. ඉන්දියන් පවුලකට car එක ගානේ තිබ්බොත් මේ ග්‍රහලෝකයට මොකක් වෙයිද? “ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් ඉතිරි වේවිද?” සමහරු මෙයාව “ලතින් ඇමරිකාවේ නෙල්සන් මැන්ඩෙලා” විදිහටත් හඳුන්වනවා.

ලෝකෙට හැමතිස්සෙම හිතන්න දෙයක් ඉතිරි කරපු මුජිකා, සෑහෙන්න විවේචන වලින් බැටකාපු කෙනෙක්. කොහොම වුණත් මුජිකා තාමත් wox vegan එක පැදගෙන යන, පුංචි ගැමි ගෙදරක ජීවත් වෙන, හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරපු ආකර්ශනීය මහලු මනුස්සයෙක්!

By Maleesha

Tagged as:

Play Cover Track Title
Track Authors