කෙනෙක් ඔයාගේ ගෙදර එයාගේ කරගෙන තව කාටහරි විකුණුවොත් එහෙම ඔයා මොකද කරන්නෙ?
මේ කියන්න යන්නෙ දැන් අවුරුදු 11 ක් පරණ ඒ වගේ කතාවක් ගැන.
එන්නකො කියවන්න.
නයිජීරියාවේ පරණ පාළු ගෙදරක් තිබිලා තියෙනවා. හැබැයි මේ ගෙදර ඉස්සරහ තියෙන බිත්තියෙ මෙන්න මෙහෙම අමුතු දෙයක් ලියලා තිබුණා “BEWARE! THIS HOUSE IS NOT FOR SALE” කියලා. මේකේ තේරුම සරලවම කිව්වොත් “මේ නිවස විකුණන්නෙ නැත.” කියලා තමයි තිබුණේ.
මේකට හේතුව ඇත්‍තටම මොකක්ද ?
ඒ කාලේදී නයිජීරියාවේ ප්‍රසිද්ධ විදියට දේපළ වංචාවන් තිබිලා තියෙනවා. කොච්චර ලොකු වංචා විදියට මේ දේපළ වෙළදාම් සිද්ධ වෙනවද කියනවනම් ඔයාගේ ගෙදර දාලා ඔයා කොහෙහරි යනවා කියලා හිතන්නකො. අන්න ඒ වෙලාවට මේ වංචාකාරයෝ ගෙදරට ඇවිල්ලා, ගෙදර තියෙන locks වෙනස් කරලා, ගෙදර ඔප්පු තිරප්පු පවා වෙනස් විදිහට හදලා තව කෙනෙක්ට විකුණලා සල්ලි ගන්නවා. ඊට පස්සෙ ඒ ගෙදරට අලුතෙන් එන අය ඒ ගෙදර පදිංචි වෙනවා.
ඉතින් නයිජීරියාවේ මිනිස්සු මේ වගේ වංචාකාරයන්ට රැවටෙන අයටත්, වංචාකාරයන්ට කාවවත් රවට්ටන්න බැරි වෙන නිසාත් මේ වගේ උපක්‍රම යොදාගෙන තිබුණා.
– Avish –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|