Content creatorsලට සුබ ආරංචියක්

March 17, 2025 - Articles
Content creatorsලට සුබ ආරංචියක්

YouTube content creators ලට audience එක වැඩි කරගන්න පහසු වෙන ආකාරයේ නව විශේෂාංගයක් හඳුන්වා දීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.පසුගිය බදාදා පැවති Made on YouTube උත්සවයේදී “HYPE” යනුවෙන් හඳුන්වන මෙම නව විශේෂාංගය එළිදැක්වූ අතර මෙමගින් videos පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරවීමට creators ලට හැකි වනු ඇත.

මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ 5ට අඩු YouTube channels වලට වන අතර මෙම විශේෂාංගය like button එකට පහළින් ස්ථාපිත කර තිබෙන බවද සමාගම පවසයි.එමෙන්ම මෙහි අනිසි භාවිතය වැළැක්වීම සඳහා සතියකට තෙවතාවක් පමණක් මෙම විශේෂාංගය භාවිත කිරීමට හැකිවන ලෙස නිර්මාණය කර තිබේ.

මෙය භාවිතයෙන් ඉහලට පැමිණෙන creators ලා ඇගයිම සඳහා YouTube සමාගම ලකුණු දීම සහ විශේෂ ලාංඡන ප්‍රදානය වැනි දේ කිරීමට සැලසුම් කර තිබේ.එසේම YouTube සමාගම කරන ලද Beta පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නේ වයස අවුරුදු 18 – 24 අතර වයසේ පසුවන පිරිස් මෙම නව විශේෂාංගය සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

– By Maleesha –

Tagged as:

Play Cover Track Title
Track Authors