Facebook Down

March 15, 2025 - Articles
Facebook Down

කොච්චර මොනවා විශ්වාස කළත් තාක්ෂණය 100% ක් විශ්වාස කරන්න බෑ. බිලියන 3 කටත් එහා පරිශීලකයින් ඉන්න Facebook එක පවා හිටි හැටියේ නවතින්නේ විශ්වාස කරන්න බැරි විදිහට. අද (05/03) සිද්ධ වුණෙත් එහෙම එකක්. ඒත් ඉතිහාසගත වෙන ලොකුම ඇණහිටීම නම් මේක නෙවෙයි.

මේක වෙන්නේ 2021 අවුරුද්දේ ඔක්තෝබර්ම මාසේ 04 වෙනිදා Facebook විතරක් නෙවෙයි Meta එකේ ගොඩක් platform නතර වුණා. WhatsApp, Instagram, Messenger, Oculus Quest කියන සියල්ලක්ම. ඒ සිදුවුණු සිද්ධිය ගැන Meta එක කිව්වේ මෙහෙම

“configuration changes on the backbone routers that coordinate network traffic between our data centers caused issues that interrupted this communication.”

කොහොම වුණත් මේ ඇණහිටීම පැය 6 ක වගේ කාලයක් තිබුණා. සියල්ල ඇණහිටීම නිසා සමහර පද්ධතීන් යළි යථා තත්වයට පත් කරන එක පවා අසීරු වෙලා තිබුණා. හේතුව අධි ආරක්ෂිත ක‍්‍රමවේද එක්ක නිර්මාණය කරලා තිබුන නිසා සමහර පද්ධතීන් access කිරීම පවා සංකීර්ණ වීම.

කොහොම වුණත් මේ සිද්ධිය නිසා Facebook එකට ඩොලර් මිලියන 60 ක ad revenue එකක් අහිමිවුණා. ඩොලර් බිලියන 47.3 ක වෙළඳපළ වටිනාකමක් අහිමි වුණා. mark zuckerberg ගේ වත්කම ඩොලර් බිලියන 6 කින් අඩු වුණා.

Tagged as:

Play Cover Track Title
Track Authors