Kohli ගොඩ ගියේ මෙහෙමයි

March 20, 2025 - Articles
Kohli ගොඩ ගියේ මෙහෙමයි

Virat Kohli කිවුවම “අනේ Kohli” කියලා තමයි ගොඩාක් girls ලාට තාමත් කියවෙන්නේ. ඒත් Kohli කියන්නේ ඉන්දීය සුපිරි නිළි අනුශ්කාගේ husband වගේම දෙදරු පියෙක්! එහෙම වෙලත් තාමත් girls ලාගේ crush එක වෙලා ඉන්න තරම් දේවල් වෙනස් අතට හැරෙන්න Kohli ට ගන්න ඕනේ වුණේ එක decision එකයි!

Kohli IPL සීසන් එකක අන්තිමේදී mirror ඉස්සරහට ගිහින් එයාවම දකිනකොට හිතුනලු බඩ ඇවිත්, මහත් වෙලා මේ විදියට ගියොත් එයාගේ Cricket career එක වැඩිකල් නොයාම අවසන් වෙයි කියලා.

ඉතින් එදා ඉදන් කෝලි තමන් කන්නම ආස කෑම ජාති අත්හැරලා තමන්ගේ ආසම Lifestyle එක පැත්තකට දාලා Diet plan එකකට යනවා. තිබුණු බඩ සික්ස් පැක් එකකට අරන් එනවා. එතනින් නවතින් නැතිව තමන්ගේ playful life එක matured life එකකට මාරු කරගන්නවා.

මුල් කාලේ තමන් අධික ලෙස හුරු වෙලා තිබ්බ දුම්පානය පවා national team එකට select වුණ ගමන්ම අතහැරියා. Kohli drinks ගන්නෙත් නෑ. මේ අසීමාන්තික කැපවීම් මෙයාව නතර කරන්නේ පහුගිය දශකය බිහි කරපු විශිෂ්ඨතම පිතිකරුවා Kohli බවට පත් කරමින්, Legends ලාටත් අභියෝග කරමින්.

Kohli ගේ talents ඔයාට google කරලා බලන්න පුලුවන්. Kohli හෙට retired වුණත් එයාව පහුකරගෙන යන්න ක්‍රීඩකයෙක් වර්ථමාන ක්‍රිකට් පිටියේ නෑ. මෙයා තමා අද ලෝකේ අංක එකේ ජනප්‍රියම, වැඩිම Value එකක් තියෙන Cricket ක්‍රීඩකයා.

Boundarie එක ඇතුලට ගියාම ආවේශයෙන් වගේ play කළත්, එලියට ආවම වෙනස්ම මනුස්සයෙක්. තමන්ගේ fans ලාට පුළුවන් උපරිමයෙන් ගරු කරන නිහතමානී මනුස්සයෙක් වගේම Charity program සෑහෙන ප්‍රමාණයක් කරගෙන යනවා. එතනින් නවතින් නැතිව පාරේ ඉන්න අහිංසක බල්ලෝ පූසෝ පවා රැකගන්න මුදල් යොදවනවා.

මේ වගේ ගමනක් එන්න Kohli ට ගන්න ඕනේ වුණේ එකම එක decision එකයි!

– By Maleesha

Tagged as:

Play Cover Track Title
Track Authors