Lady Gaga කියන්නේ පිරිමි කෙනෙක්ද ?

March 19, 2025 - Articles
Lady Gaga කියන්නේ පිරිමි කෙනෙක්ද ?

ලංකාවේ වුනත් පිට රටක වුනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ට කට කතා ගෙතෙන්න ගොතන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි. රටක ප්‍රසිද්ධියට පත් වුනු ඕනම කෙනෙක්ට මොකක්ම හරි දෙයක් සම්බන්ධයෙන් ඇත්තට හරි බොරුවට හරි කට කතාවක් රට පුරාම යන එක පුදුමෙට කාරණාවක් නෙමේනේ. ඒක අලුත් දෙයකුත් නෙමේ. ඒත් බොරුට එක එක කට කතා ගොතන එකයි ඒවා විශ්වාස කරන එකයි නිසා ගොඩක් ප්‍රසිද්ධ චරිත අපහසුතාවයන් වලට ලක් වෙනවත් අපි දැකල තියෙනවා. ඉතින් කාලයක් එහෙම ලොකු කට කතාවක්, ලෝකයක් ආදරය කරන සුපිරි ගායිකාවක් වුනු, මෑතකදිත් Grammy Award එකක් දිනා ගත්තු Lady Gaga ගැන අහන්න ලැබුනා. ඒ කාලෙන් කාලෙට Lady Gaga ගැහැණු කෙනෙක් නෙමේ පිරිමි කෙනෙක් එහෙමත් නැත්තන් Transgender කෙනෙක් කියලා.
මිනිස්සුන්ට ලොකුම ප්‍රශ්නෙ වුනේ ඇයි ඒකට කිසිම පිළිතුරක් ඇය නොදෙන්නේ කියලා. ඒ නිසා ඒක ඇත්තක් විදිහට පිළිගන්න, සැක කරන්න ගොඩක් අය පෙළඹුනා. කොහොමහරි අන්තිමට ඇයම ඒ ගැන මෙහෙම පිළිතුරු දුන්නා.
“What next ? The future with Bill Gates” වැඩසටහනේදී Lady Gaga ට එල්ල වුණු ප්‍රශ්ණයක් තමයි…” ඔයා Boy කෙනෙක්ද එහෙමත් නැත්තන් Transgender කෙනෙක් ද කියන කටකතාව ඇත්තද? ඇයි ඔයා මේ කටකතාවට කිසිම උත්තරයක් නොදෙන්නේ? කියලා…. එතනදි Lady Gaga කිව්වේ ” ඇයට අවු. 20 ඉදලම මේ බොරුවට මුහුණ දෙන්න වුනත් ඒ කට කතා වලට ඇයට අහු වෙන්න වුවමනාවක් නැති නිසා කවදාවත් ඒ බොරු වලට උත්තර දෙන්න ගියෙ නැහැ කියලා…”
ඉතින් මිනිස්සු කියන දේවල් වෙනස් කරන්න බැරි නිසා, Gossip කියන දේ නවත්තන්නත් බැරි නිසාත් කවුරු මොනව කිව්වත් ගනන් නොගෙන තමන්ව තවත් දියුණු කරගත්තු සුපිරි Character එකක් තමයි Lady Gaga.

– By Aruja –

Tagged as:

Play Cover Track Title
Track Authors