KPOP ගැන අපි කතා කළොත් අපිට අනිවාර්යයෙන් මතක් වෙන නමක් නේ Black Pink LISA කියන්නේ. පිටරටවල් වල විතරක් නෙමේ ලංකාවේ වුණත් ලීසට පිස්සු වැටුණු ලීසා ගේ Fans ලා ඕන තරම් ඉන්නවා. ලීසා Singer කෙනෙක්, Rapper කෙනෙක්, ඒ වගේම හරිම Talented Model කෙනෙක්, Dancer කෙනෙක්. ලස්සන අතින් ගත්තත් කිසිම අඩුපාඩුවක් නෑ. ඉතින් ලීසා මේ වෙනකොට එයාගේ කරගෙන තියෙන Awards ගොඩක් තියෙනව. මුලින්ම ලීසා එයාගේ ලාලිසා කියන තනි ඇල්බම් එක 2021 release කරනවා. ඒ ඇල්බම් එකේ පිටපත් 736,000 ක් ඉක්මවලා කොරියාවේ එච්චර පිටපත් ගානක් අලෙවි කරපු පළවෙනි කාන්තා කලාකාරිනිය වෙනවා. ඒ ඇල්බම් එකෙත් Main song එක පැය 24 ක් ඇතුලත Youtube එකේ වැඩිම views අරගත්තු පළවෙනි Solo artist ලීසා වෙනවා.
ලීසා දිනාගත්තු Awards අතර ලීසාගේ Money song එකට Song of the year award එක, Lalisa song එකට Dance of the year award එක ඒ වගේම Cosmic awards වලදි Best selling Kpop song එක විදිහටත් Money song එකට award එක ලැබෙනවා. මේ වගේ Awards විශාල ප්‍රමාණයක් ලීසාට මේ වෙද්දි දිනාගන්න පුලුවන් වෙලා තියෙනවා.එහෙම පටන් ගත්තු ලීසා ගැන අද ලෝකේ නොදන්න කෙනෙක් නැති තරම්. දැන් වෙනකොට ලීසා කියන්නේ අනිත් KPOP artist ලටත් ලොකු challenge එකක්.
මෙතනදි හොඳම දේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේදී performe කරපු පළවෙනි KPOP කලාකරුවා වෙන්න ලීසාට පුලුවන් වෙනවා. ඒ 2025, 97 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී.ඒකත් සුපිරි තරු වුනු Doja cat සහ Ray එක්කත් live perform කරන්න ලීසා වාසනාවන්ත වුනා.ඉතින් දැන් ලීසා කියන්නේ මිනිස්සුන්ට අමතක නොවෙන ඉතිහාසගත වුණු දක්ෂ Kpop තරුවක්. මිනිස්සු ලීසට, Queen Of The K-pop, KPOP QUEEN කියලා කියන්නේ නිකන්ද?
By Aruja
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|