Music කරනකොට අපි හැමෝම music instruments use කරනවනෙ. හැබැයි ඇහැටවත් පේනේ නැති instrument එකක් තියෙනවා කියලා ඔයා දන්නෑ නේද?
එන්නකො කියවන්න.
මේ වැඩේ වෙලා තියෙන්නෙ, 2025 ජුනි 6 වෙනිද වගේ දවසක. බ්‍රිතාන්‍ය campus වන ලෆ්බරෝ campus එකේ Scientists ලා කිහිපදෙනෙක් විසින් නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෝකයේ කුඩාම වයලීන් එකක් create කරලා තියෙනවා. කොච්චර පොඩිද කියනවනම් මේ වයලීන් එක අන්වීක්ෂයක් නැතුව දකින්න ලැබෙන්නෙ නැහැ.
ඉතින් මේ වයලීනය මිනිස් කෙස් ගසකටත් වඩා පොඩි වගේම මේකේ දිග මයික්‍රෝන 35 කුත් පළල 13 කුත් වෙනවා. (මයික්‍රෝන එකක් කියන්නෙ මීටරයකින් මිලියනයකින් එකකට.)
විද්‍යාඥයින් කියන විදියට එයාලාගේ අලුත්ම නැනෝලිතෝග්‍රැෆි පද්ධතියේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සහ තව තවත් මේ තාක්ෂණය develop කරන්න මේ instrument එක create කළා කියල තමයි කියන්නෙ.
ඉතින් මේ වගේ “ලෝකයේ කුඩාම වයලීනය” create කරපු එක අපිට විනෝදයක් වගේ පෙනුනට මේකේදි අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනව වගේම තව තව නිර්මාණ ගොඩක් future එකේ බලාගන්න පුලුවන් කියලා ලෆ්බරෝ campus එකේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය කෙලී මොරිසන් කියලා තියෙනවා.
– Avish –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|