Language එකක් කතා කරන්න ලියන්න කියවන්න අහන්න මේ හැමදේටම අපිට වචන ඕන. දැන් අපිට අපේ සිංහල භාෂාව ගත්තත් අපි එක එක වචන කතා කරනවනේ සමහර වචන තියෙනවා සිංහල වුණත් අපි නොදන්න. ඒ වගේම ලෝකේ තියන International language එක වුණ English language එකෙත් අපි දන්න වචන වලටත් වැඩිය නොදන්න වචන හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. සමහර වචන වලට එක තේරුමක් නෙවෙයි තේරුම් ගණනාවක්ම තියෙන්න පුළුවන්.

අපිට මේ English language එකේ තියෙන vocabulary එක වැඩි කරගන්න, අපි නොදන්න වචනෙක meaning එක දැනගන්න තියෙන හොදම dictionary එක තමයි මේ Oxford English dictionary එක කියන්නේ. මේ dictionary එකටත් දවසින් දවස අලුත් වචන එකතු වෙනවා. මෑතකදි එකතු වුනු අලුත්ම වචනෙ තමයි මේ ‘Gigil’ කියලා කියන්නේ. මේ අලුත් වචනේ පිලිපීනයේ ටගාලෝ භාෂාවෙන් කැඩිලා ආව වචනයක්.

ඔයාට දෙයක් , කෙනෙක් හරිම ලස්සනට , හරිම හුරතල් හුරුබුහුටි විදිහට පේනවනම් දැනෙනවනම් ඔයාට මේ ‘Gigil’ කියන වචනෙ ඒ වෙනුවට Use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වචන 600,000 ටත් වැඩි ප්‍රමාණයක් මේ Oxford dictionary එකේ තියෙනවා. ඒ වගේම ඒකට එකතු කරන්න අලුත් වචනත් දහස් ගානක් අවුරුද්දකට යෝජනා විදිහට ලැබෙනවලු.

by : Avani