ජනාධිපති ඌරෙක්!

May 15, 2025 - Articles

අපි විහිළුවට කෙනෙක්ට ඌරා කියලා කතා කළත් අහලා තිබුණද ජනාධිපතිවරණයකට ඌරෙක් නාම යෝජනා දීලා තියෙනවා කියලා.

නෑ නේද ?

එන්නකො කියවන්න.
මේ වැඩේ වෙලා තියෙන්නෙ, 1968 අගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපතිවරණයේදි.

ඇමරිකාවේ Youth International Party එක මහ අමුතු දෙයක් ජනාධිපතිවරණයට යෝජනා කරලා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි,
66kg ක් බර ගෙදරක ඇති කරන උරෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එක. නම පීගාසස්.

කවුරු කොහොම කිව්වත් ඌරෙක්ට ජනාධිපතිවරණයට තරග කරන්න බැහැනේ. ඉතින් මේ වැඩේ හරි ගියේ නැහැ. මොකද මේ ඌරගේ චිකාගෝවල පළවෙනි මාධ්‍ය හමුවේදීම එයා ගැන හඳුන්වන්නත් කලින්ම වැඩේ අවුල් වුණා. පිගාසස්ව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ පක්ෂයේ හිටපු රූබින්,ෆිල් ඕක්ස්, ස්ටූ ඇල්බට් සහ තවත් කිහිප දෙනකුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අනිත් කාරණය තමයි අදටත් පිගාසස් කිසිම කෙනෙක්ට හොයාගන්නත් නැහැ. මිනිස්සු හිතන විදියට විරුද්ධ පක්ෂවල අය මේ ඌරව රාත්‍රි ආහාර වේලට ගන්න ඇතිලු.

හැමෝම කියන විදියට Youth International Party එක මේ විහිළු සහගත වැඩේ කරන්න reason එක තමයි විරුද්ධ පක්ෂවල සහ ජනතාවගේ attention එක ගන්න.

– Avish –

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors