1947 වසරේ අප්‍රේල් 30 වනදා පෑලියගොඩදී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, වේදිකා නාට්‍ය හරහා සිය කලාවට පිවිසුණා.
ඒ වෙනකොට ක්ශේත්‍රයේ හිටපු රංගන ශිල්පිණියන් එක්ක සසඳනකොට, සාමාන්‍යයෙන් නිළියකට තිබියම යුතු රූපයේ සුන්දරත්වයටත් එහා, දුර්ලභ වුණු භාව ප්‍රකාශන හැකියාවක් මාලනියට තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රචිත නිධානය (1972) සහ ධර්මසේන පතිරාජ විසින් රචිත බඹරු ඇවිත් (1978) වගේ චිත්‍රපට ඇයගේ සංකීර්ණ හැඟීම් ප්‍රකාශ කිරීම් කැපී පෙනෙන නිර්මාණ වෙනවා. ඇය ඇයගේ දුර්ලභ “අව්‍යාජභාවයෙන්” ප්‍රේක්ෂකයින්ව චරිතවලට ඇඳ බැඳ ගත්තා.
සිනමාව වෙනුවෙන් ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගණන 150කට අධිකයි. රංගනයට පිවිසි මුල රඟපෑ ළාමක දැරිවියකගේ චරිතය පටන් මෑතක් දක්වා විහිදුණු ඇයගේ රංගන ජීවිතයෙන්, මාලනියගේ අසහාය රංග පරාසය විදහා පෙන්වනවා.
International award එකක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකික නිළිය මාලනියයි. වෘත්තීය ජීවිතය පුරාවටම ජනාධිපති, සරසවි වගේම සිග්නිස් (OCIC) සම්මාන ඇතුළු බොහෝ සම්මාන ඇය රැස් කර ගෙන තියෙනවා.
මාලනියගේ නිරහංකාර බව ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි කරපු කාරණාවක්. ඇය ලබා තිබුණු ගෞරවය, ජනප්‍රියත්වය වගේම කීර්තිය හමුවේ නිතරම ඇය නිහතමානී වුණා. Industry එකට අලුතින් එන හැමෝමත් එක්ක සුහදව, එයාලටත් ගුරුහරුකම් දෙමින් කටයුතු කරන්න පෙළඹුණා.
ඇය සිනමාවට එනකොට සිනමාවේ වැඩි අවධානයක්, කැපී පෙනීමක් තිබුණේ පිරිමි පාර්ශවයටයි. ඒත් මාලනියගේ සිනමාගමන මුළු සිනමාවම වෙනතකට හැරෙව්වා. හැමෝගෙම ඇස් ඇය වෙත හැරුණා.
සිනමා කලා කෙත අස්වද්දන්න රඟපෑමෙන් දුන්නු අනුපමේය මෙහෙය වගේම, අධ්‍යක්ෂනයෙනුත් දායක වෙන්න ඇය කටයුතු කළා.
කොහොම වුණත් මාලනිය කියන්නේ replacement නැති ආදරණීය පුද්ගලයෙක්. පරම්පරා බේදයක් නැතුව ඇය අපි හැමෝගෙම හිත් වල සදා අමරණීය චරිතයක්🤍
– Maleesha –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|