ශාරුක් ඛාන් කියන්නේ කවදත් එකම විදිහට කතා බහට ලක් වුණ star කෙනෙක් නේ.. King khan කියන්නේ නිකන් ද ඉතින්! Met gala එකත් එක්ක ආපහු ශාරුක් ගැන වැඩිපුර කතා කරන්න ගත්තනේ. ඉතින් මේ තියෙන්නේ ශාරුක් ගැන වැඩිය කවුරුත් නොදන්න දේවල් ටිකක්!
ශාරුක් ට අවුරුදු 14 වෙනකොට එයාගේ තාත්තා, අවුරුදු 24 වෙනකොට එයාගේ අම්මා නැතිවෙනවා.
කිසිම දවසක තමන් යටතේ ඉන්න සේවකයන්ගේ salary එක පරක්කු වෙලා නෑ කියලා තමයි කියන්නේ. ගොඩක් අය කියන විදිහට තමන්ගේ salary එක ගැන පවා නොබලා ඒ අයගේ salary එක ගැන අවධානය දෙන්න කියලා තමයි ශාරුක් කියන්නේ
තමන්ගේ future එක ගැන ලොකු idea එකක් නැතත්, මුම්බායි වලට ආවේ හිතේ හයිය නිසාමයි. අරන් ආවේ essential කීපයක් විතරයි. එහෙම කාගෙවත් ලොකු connection එකක් නැතුව ඇවිත් යාලුවන්ගේ ගෙවල් වල නතර වෙලා ඉඳලා, bench වල රෑ එළි වෙනකං නිදාගෙන තමයි ඒ කාලේ පහුකරගෙන තියෙන්නේ.
ශාරුක්ගේ පලවෙනි film එක තමයි Dil Aashna Hai කියන්නේ. හැබැයි මේක release වුණේ පස්සෙ ..
එයාගේ success නොවුණු නිර්මාණ ගැන විවෘතව කතා කරන පුරුද්දක් ශාරුක්ට තියෙනවා. එයා ඒ වැරදි ප්‍රසිද්ධියේ පිළිගන්නවා වගේම industry එකේ අනිත් අයටත් හොඳ ආදර්ශයක් දෙනවා.
ශාරුක් physiology වගේම දර්ශනය, සාහිත්‍ය වගේ දේවල් වලට ලොකු interest එකක් දක්වනවා.
ඇත්ත කියන්න.. ශාරුක්ට තිබුණු ආදරේ තව වැඩි වුණා නේද? 👀
– Maleesha –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|