Miss world 2025 (ලෝක රූ රැජින කිරුළ) කියන්නේ මේ දවස් පුරාම තාමත් හැමෝගෙම කතා බහට ලක් වෙමින් තියෙන topic එකක්. අපේ රට represent කරපු අනුදි ගුණසේකර මීට පෙර Miss world pageant එකක මෙතෙක් ලාංකිකයෙක් නොආපු දුරක් ඇවිත් අපේ රටට කීර්තියක් ගෙනාවා.. ඒත් අද කතාව 2025 Miss world වුණ, තායිලන්තය represent කරන ඔපල් සුචතා චුවාංස්රි ගැන!
ඔපල් ට තාම වයස 21යි. කාන්තා සෞඛ්‍ය දැනුවත්භාවය ගැන තියෙන කැපවීම හින්දා තමයි මේ සැරේ තරගයේදී ඔපල් කැපී පෙනුණේ.
මෙයා business family එකකින් පැවතගෙන එන තරුණියක්, ප්‍රසිද්ධ නිරූපිකාවක් වගේම රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවක්! 2024 දී තායිලන්තයේ රූ රැජින කිරුළ, 2024 දී විශ්ව රූ රැජින තුන්වෙනි ස්ථානය දිනා ගත්තා.
ඔපල් ට languages 3 ක් හසුරවන්න පුළුවන්. දැනට Thammasat university එකේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා ගැන ශාස්ත්‍රවේදී උපාධියක් හදාරනවා.
තායිලන්ත මාධ්‍ය වාර්තා කරන විදිහට අවුරුදු 16දී පියයුරුවල පිළිකා නොවන ගැටිත්තක් හඳුනාගෙන ඒක operation කරපු ඔපල්, පස්සේ මේ අත්දැකීම හරහා පියයුරු පිළිකා ගැන දැනුවත්භාවය ඉහළ නංවන්න ආභාශය ලබා ගත්තා. ඊට පස්සේ තමයි මෙයා පියයුරු පිළිකා තියන කාන්තාවන්ට සහාය වන තායිලන්තයේ “Opal for her” සංවිධානය පටන් ගත්තේ.
ඉතින් ඔපල් මේ සෞඛ්‍ය අභියෝගය turning point එකක් කරගෙන ලෝකෙ පුරා කාන්තා සෞඛ්‍යට තියෙන ප්‍රමුඛතම තර්ජනය වෙන පියයුරු පිළිකා ගැන දැනුවත්භාවය වැඩි කරන්න රූපලාවන්‍ය තරගාවලි වලට සහභාගී වූණා. 2022 දී Miss universe තායිලන්ත තරගයේ ලාබාලතම තරගකාරිය වුනෙත් ඔපල්! එතනදි මෙයා Special award එකක් වුණ Miss beauty දිනාගැනීමත් එක්ක තමයි ඒ තරගයේ Third place එක දිනා ගත්තේ.
කොහොමහරි Opal ගැන සෑහෙන්න හොඳ impression එකකින් හැමෝම social media වල කතා කරලා තිබුණා. කොහොමහරි එයා ඇත්තටම හරි ලස්සන ළමයෙක්! 🥹❤️
– Maleesha –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|